මූදේ රැකියාව කරන අය (ධීවර කාර්මිකයෝ) ආම්පන්න සහිත ඔරුවලින් යන එන අතර කියමින් ප්‍රීත වන ගැමි කවි සමුද්‍රාසන්න පෙදෙස්වල භාවිත වේ. මතු දැක්වෙන ගැමි කවිවල හම්බන්තොට සිට මාතර තෙක් මූදේ ගමන් මඟ විස්තරයක් ඇතුළති. මූදු යාත්‍රාව (යාත්‍රා ඔරුව, මූදුබට පෙදෙස්වලට වී, ලුණු ආදිය ගෙන එන ලද්දේ මේ රුවල් නැව්වලිනි.) හම්බන්තොටින් දියත් වී එන විට හමු වන කුපත් (=කුඩා දූපත්) ගල් පර ආදියේ නොගැටී අතුරු අනතුරුවලට අසු නො වී පදවා ගෙන යා යුතු මෙසේ යයි මේ කවි පෙන්නා දේ.
හම්බන්තොටින් ඇදලා රුවල විගසිනේ
නියඳ කුපත කොල්ලෑවට තබා-ගෙනේ
වලවේ මෝදර ද ඉබ්බාගල නො පෙනේ
වටගල බලබලා දුවපන්න දියඹිනේ
වාරයා වාරකන් මයි බහින්නේ
හරහයා උතුරුකන් මයි බහින්නේ
මාරියා ගෙඩිය පස්සේ දුවන්නේ
ලිහිණියා කඩුල්ලෙන් තංගලු යන්නේ
දුවනවා මතුරෙ මෙ පමණ මේ සෙව්වේ
සොයනවා සොඳට විපරම් කෙරෙව්වේ
දැනෙනවා පමණ යන්තම් ඔය තැනුවේ
පෙනෙනවා ඔන්න රුව නිල්වැලි තුඩුවේ
අපිත් දුවමු මහ රුවල ම උඩ ඇදලා
ගන්දර නො පෙනී යන කල පපුව උණු-වෙලා
වල්දූගලත් එනව ලු අපට කිට්ටු වෙලා
දෙබැගලට කිට්ටු ද සකි පස්ස ගලා
ඔන්න බලපාන් ඉර පායන තානේ
තලා දිදී එන සුළඟකි එම ගානේ
වලාහක දෙවිඳු හෙළි කළ සඳපානේ
බලා දුවපන්න අන්දම තඹානේ2
ගොඩින් වලස්සුත් ඇත ගල් ගෙවල් වල
ගොඩින් සොඳ වතුර ඇත වැවු පොකුණු වල
වටින් කුපත් ඇත එහි මැද වරාගල
මැදින් සොඳ වරායේ3 අරගන් රුවල
කතරගම දෙවිඳු කන්දස් සුවාමිනේ
ඔරුව රුවල රත්තරනෙන් තනාගෙනේ
කුඹ ද පරුමාණ රිදියෙන් සදා-ගෙනේ
ඇහැළ මහට එඤඤයි ඉස තබාගෙනේ
මූදු කවි | Muudu Kavi
Reviewed by Admin
on
6:35 PM
Rating:

ReplyDeleteMy brother recommended I might like this web site. He was totally right. This post truly made my day. You can not imagine just how much time I had spent for this info! Thanks! itunes account login
Godd wark all thanks
ReplyDeleteThanks...good work
ReplyDelete